කොළඹ වරාය බහාලුම් අංගනයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

0
199

NEWSNOW| –  කොළඹ වරාය බහාලුම් අංගනයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වෙයි.

එහිදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් අනතුර සිදුව තිබේ.

එම ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු ඉන් මියගොස් ඇත.

ඊයේ(08) කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ.

එහිදී ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.