ට්‍රම්ප් තීරුබද්ද 20% දක්වා අඩු කරයි

0
7

NEWSNOW| –  අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයඤකට මෙලෙස තීරු බද්ද අඩු කර ඇත.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

ඒ අනුව දකුණු ආසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්තානයෙන් 19%ක් දක්වා ද අඩු කර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නොමැති අතර, එය 25% සීමාවේ එලෙසින්ම පවතියි.

මේ අතර 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන බද්ද 10%ක් දක්වා අඩුකර තිබීමද විශේෂත්වයක්ය.

එමෙන්ම අමෙරිකාවේ ප්‍රධානම මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලයෙන් අයකරන තීරු බදු අනුපාතයද 15%ක් දක්වා පහත හෙළා ඇත.

මෙම පහත දැමූ තීරුබදු අනුපාත අතර ඉහළම ප්‍රතිශතය 41%ක් වන අතර, එය සිරියාව වෙනුවෙන් දක්වා තිබේ.

එමෙන්ම ලාඕසයෙන් හා මියන්මාරයෙන් 40% බැගින් අය කරන බවද ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here