NEWSNOW | – ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුව තිබේ.
ඒ අනුව, රුපියල් 305ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 299කි.
රුපියල් 341ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය නොවන අතර පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.
රුපියල් 289ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 283කි.
රුපියල් 325ක්ව පැවති, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 313කි.
රුපියල් 185ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.
එමෙන්ම, ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිල හා සමව සංශෝධනය කර තිබේ.
සිනොපෙක් ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සමානව සිය මිල ගණන් සංශෝධනය කර ඇත.