චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු දිවයිනට

0
61

NEWSNOW| – ආසියානූ ඡායාරූප කළා සංගමයේ 28 වන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සදහා පළමු කණ්ඩායම ලෙස චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු ඊයේ (31) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම සමුළුව ආසියානූ රටවල් 07 ක සහ ඇමෙරිකාවේ සංචාරක ජායාරූප ශිල්පීන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එළඹෙන 08/02 දින සිට 08/07 දින දක්වා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටයේ දී පැවැත්වීමට නියමිතය .මෙම සමුළුවට සමගාමීව ජායාරූප ප්‍රදර්ශනයක් ද මෙම හෝටයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ .

සමුළුවට සහභාගී වීමෙන් පසුව මෙම ජායාරූප ශිල්පීන් මහනුවර දළදා පෙරහැර , දඹුල්ල , සීගිරිය , ගාල්ල සහ මීගමුව ප්‍රදේශ වල සංචාරය කරමින් ජායාරූපකරණයෙහි නිරත වීමට නියමිතය.

මෙසේ පැමිණි සංචාරක ජායාරූප ශිල්පීන් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගැනීම සහ මෙම සමුළුවට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලාංකාවේ ජාතික ජායාරූප ශිල්පීන්ගේ සංගමය විසින් සම්පාදනය කර තිබේ .

(කටුනායක ටී.කේ.ජී.කපිල )