උතුරු චීනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් නිවාස විනාශ කිරීමත් සමඟ බීජිං හි අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙහිදී 80,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බව චීන බලධාරීන් පැවසීය.
බීජිං සිට පැය තුනක් පමණ ඊසාන දෙසින් පිහිටි චෙන්ග්ඩේ නගරයේ සඳුදා දින සිදු වූ නායයෑමෙන් තවත් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇත.
එරට පවතින්නේ ගිම්හානයේ ආන්තික කාලගුණයයි. මේ මස මුලදී රටේ නැගෙනහිර කලාපයට වාර්තාගත තාප තරංග ඇති වූ අතර රටේ නිරිතදිග ප්‍රදේශය ගංවතුරෙන් වැසී ගොස් තිබේ.
උතුරු චීනයේ ඇති වූ දැවැන්ත ගංවතුර හේතුවෙන් විනාශයට පත් වූ ප්‍රදේශ නැවත නාගා සිටුවීමට කටයුතු කරන ලෙස ජනපති ෂී ජින්පින් බලධාරීන් වෙත පවසා ඇත.