දුම්රිය රියදුරන්ගේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

0
212

NEWSNOW | – දුම්රිය රියදුරන් විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එය අත්හිටුවා ඇත.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර අද පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

දෝෂ සහිත සංඥා පද්ධති ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට නියමිතව තිබුණි.