බහුතරයක් රටවල් ප්‍රතික්ෂේප කරන යුධ අපරාධකරුවන්ට පොලිස් ආරක්ෂාවදී රැකබලා ගැනීම කොතරම් යුක්ති සහගතද?

0
15

NEWSNOW| – (නීතිඥ මාස් එල් යුසුෆ් එල් එල් බී ගෞරව විසිනි)


සෙමෙන් සෙමෙන් ශ්‍රී ලංකාවට බඩ ගාමින් සිටින ආන්දෝලන්තමක ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධව ලක් රජය ගෙන යන ප්‍රතිපත්තිය රහසිගතව එහෙත් හිතාමතා ආදේශ කර ගත් ප්‍රතිපත්තියක්ද නැතහොත් නිවට අනුග්‍රහ දැක්වීමක්ද යයි කෙනෙකුට සැක පහළ වීම ස්වාභාවිකය.
දරුණු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හා සංචාරකයින් ලෙස වෙස්වලාගෙන අප රටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට එසේ මෙහි පැමිණෙන්නට රජය ඉඩ දී තිබීමට එරෙහිව උග්‍ර වෙමින් පවතින විවේචන සහ විරෝධතා අතරතුර රජය බිහිරි කන් ඇති සේ පවතින නිහඬතාවය විවිධ සැක උපදවමින් තිබේ.

මෙසේ කිරීම මගින් සුළු ආර්ථික හෝ දේශපාලන වාසි සඳහා අප නිර්ලජ්ජීව ජාත්‍යන්තර අපරාධකරුවන්ට සහචරයන් වෙමින් සිටිනවා නොවේද? බුරුතු පිටින් දිවයිනට රිංගන යුදෙව්වන් විෂයයෙහි රජය ක්‍රියා නොකිරීම ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමට ලංකා රජය අසමත් වු බවට’ විචාරකයින් අර්තකථන දෙනු නියතය. එක්සත්  ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ලෙස, භූ දේශපාලනික හෝ ආර්ථික ප්‍රතිලාභ සඳහා යුක්තිය බිලි දීම පහත් ක්‍රියාවකි.

දිශාව දක්වන‘මාලිමාව’ සංකේතය යටතේ බලයට පත් වූ ජාතික ජනබලවේග රජය සදාචාරාත්මක වගකීම සහ යුක්තියේ දිශාව වරදවා ගත් බවක් පෙනේ.

විදේශ ප්‍රතිපත්ති ගත් කල එහි සලකා බැලීමේ විෂය පථයට අයත් වන්නේ කුමන සදාචාරාත්මක අගයන්ද සදාචාරාත්මක ප්‍රමුඛතාද යන්න පැහැදිලි නැත. ජන සංහාරය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල සොල්දාදුවන්ට මෙහි ආරක්ෂිත තෝතැන්නක් ලබා දෙන අතරතුර මධ්‍යස්ථ බව සහ මානුෂීය අගයන් ගැන රටක් ලෙස අප කතා කරන්නේ කෙසේද යැයි සිතා බැලිය යුතුය. මන්ද ලෝකයා අප දෙස බලා සිටින හෙයිනි.

ඇඩොල්ෆ් අයිච්මන්

හොලොකෝස්ට් යන ඒකාධිකාරි වචනයකින් හඳුන්වනු ලබන, හිට්ලර්ගේ සමයෙහි ජර්මනියෙහි සිදුවු යුදෙව් සමූලඝාතනයට වගකිව යුත්තන්ව ලොව විවිධ රටවල සැගවී සිටියදී ඊශ්‍රායලයේ මොසාඩ් නියෝජිතයන් ඔවුන්ව ලු‍හුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඔවුන්ට මරණ දඬුවම් ලබා දුන්හ. නියුරම්බර්ග් අධිචෝදනා යයි පසුව ප්‍රකට වු මෙම දඩයම මගින් යුදෙව්වන් ඝාතණය කළවුන් ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දෙන ලදි. යුදෙව් සංහාරය සැලසුම් කළ හා යුදෙව්වන් දහස් ගණනින් මරා දැමු ඇඩොල්ෆ් අයිච්මන් 1960 දී ඊශ්‍රායල නියෝජිතයන් විසින් අල්ලා ගන්නා තෙක් ඔහු ආර්ජන්ටිනාවේ රහසිගතව වාසය කරමින් සිටියේය. පසුව ඔහුව ඊශ්‍රායලයට ගෙනැවිත් එල්ලා මරා දමන ලදී.මෙම පසුබිම තුල, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල සොල්දාදුවන්ට අපේ රටේ නිදහසේ සැරිසැරීමට සහ අපගේ වෙරළවල සුවසේ දිය කෙලියේ යෙදීමට ඉඩ දීම ජාත්‍යන්තර යුක්තියට සරදම් කිරීමක් නොවේ නම් වෙන කුමක්ද?

ප්‍රතිලාභීන් කවුරුන්ද

බහුතරයක් විදේශ රටවල දරුණු චෝදනාවලට ලක්ව සිටින මෙම යුදෙව් මරුවන් ආයෝජන සංක්‍රමණය හරහා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල පදිංචිය සඳහා පහසුවෙන් මං පාදා ගනිති. සමාජ මාධ්‍ය වාර්තා පවසන්නේ ඇතැමුන් දැනටමත් විවිධ ව්‍යාපාර කටයුතුවල නිරත වන බවයි.බලධාරීන් මොවුන් සම්බන්ධයෙන් කරනු ඇත්තේ කුමක්ද?

ඔවුන් දැඩි නිරීක්ෂණ ක්‍රියාවලියක් අනුගමනය කරන්නේද නැතහොත් එම යුදෙව්වන්ට මෙහි වාසය කිරීම සහ ව්‍යාපාර පැවැත්වීම කිරීම ලිහිල් කරමින් සිටිනවාද? ලියාපදිංචි නොකළ, නීති විරෝධී එනමුත් සුවසේ ක්‍රියාත්මක වන චබාද් නිවාස’ නම් බවන යුදෙව් යාඥා මධ්‍යස්ථාන කිහිපයක් මෙහි දැනටමත් යුදෙව්වන් පිහිටා ගෙන ඇති බව අගමැතිනිය විසින්ම පාර්ලිමේන්තුවේදී පෙන්වා දී ඇත.

කර්මාන්තයක් ලෙස සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත දේශීය ව්‍යාපාරවලට ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලබා දෙනු ක්‍ෂේත්‍රයක් හැටියට සංචාරක ව්‍යාපාරයට ඇත්තේ ඉහළ පිළිගැනීමක් බවට විතර්කයක් නොමැත. එසේ නමුත් ඊශ්‍රායල සංචාරකයින් යනු අන්‍යජාතිකයන් සමඟ කුළුපග නොවන තම වර්ගයා අතර පමණක් ගනුදෙනු කරන සුවිශේෂී කොටසක් යයි දැන් මිනිසුන් පවසති

ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යය

ජාතික ජනබලවේගයේ ප්‍රකාශිත දේශීය ප්‍රතිපත්තින් අතර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම ප්‍රධානය. මෙය ප්‍රශංසනීයයි, එනමුත් අද ලොවම පිළිකුල් කරන මෙම ඊශ්‍රායල යුද අපරාධකරුවන්ට විනෝදාස්වාදය ලබා දීමෙන් ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයේ අත්තිවාරම් සෙලවීමට වත්මන් රජය සෘජුවම දායක වන බව පැහැදිලිවම පෙනේ. මේ අනුව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සහ එක්සත් ජාතීන්ගේ විනිශ්චය සභාව වැනි ගෝලීය යුක්තිය පසිඳලීමේ පද්ධතිය දුර්වල කිරීමට මෙම රජය අනුබල දෙමින් සිටියි.

පසුගිය රජයන්වල සිටි දේශපාලනඥයින් දණ්ඩමුක්තියෙන් යුතුව සොරකම් සහ අපරාධ සිදු කිරීම ගැන චෝදනා නගන ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් ඔවුන් එකිනෙකාට එරෙහිව තම රජය නඩු පවරමින් සිටින බව පවසයි, ලෝකල් අපරාධකාරයන් ගැන එසේ පුන පුනා කියන ජනාධිපතිවරයා ජගත් අපරාධකරුවන්ට මෙහි කාමර පහසුකම් ලබා දෙමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ දණ්ඩමුක්තිය අර්බුද අවුස්සා තීව්‍ර කරන අතර ගෝලීය ආයතන කෙරෙහි ඇති මහජන විශ්වාසය ඛාදනය කරයි. මෙය අපරාධකරුවන් ධෛර්යමත් කර වින්දිතයින් නිහඬ කරයි සහ සාමය, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වන අපේක්ෂාවන් අඩපණ කරයි’ යයි පැවසුවාය.

මෙම තත්වය නිසා පලස්තීනුවන් සහ ජන සංහාරයට විරුද්ධ වන රටවල් බහුතරයක් ශ්‍රී ලංකාව දෙස බලන්නේ සාපරාධී ඊශ්‍රායල පාලනය සමඟ කුමන්ත්‍රණය කරන සහ පලස්තීන අරමුණට සහාය දීමේ දිගුකාලීන ප්‍රතිපත්තිය පාවා දෙන ජාතියක් ලෙසයි.

අහෝ මේ රජයේ හෘද සාක්ෂියට වුයේ කුමක්ද? ඇස් පනා පිට සිදුවන කුරිරුකම් මෙම රජයට නොපෙනේද? ළදරුවන් පවා හිතාමතාම කුසගින්නේ තබා මරා දමන තිරිසනුන්ගේ පිළේ මනුෂ්‍ය ආත්මකයක් ලැබුවෙකුට සිට ගත හැක්කේ කෙසේද? යුක්තිය, මනුෂ්‍යත්වය සහ සදාචාරාත්මක මාලිමාව පිළිබඳ හැඟීම මෙම පාලකයන්ට සහ නිලධාරීන්ට හිරි වැටිලාවත්ද?

පළා යමින් සිටින අපරාධකරුවන්

පලස්තීනයේ වැසියන් කුසගින්නේ තබා මැරීම මගින් හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කිරීමේ අපරාධයට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය අවධාරණය කරයි.

2025 ජනවාරි මස සංචාරකයෙකු ලෙස බ්‍රෙසීලයට ඇතුළු වූ ඊශ්‍රායල සොල්දාදුවෙකු වන යුවල් වැග්ඩානිට එරෙහිව -කොන්ද පණ ඇති රජයක් තිබෙන- බ්‍රෙසීලයේ විනිසුරුවරයෙකු පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝග කළ විට වැග්ඩානි හනික එරටින් පැන ගත්තේය.

එසේම සයිප්‍රසය, නෙදර්ලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල නිවාඩු ගත කරමින් සිටි ඊශ්‍රායල සොල්දාදුවන්ට එරෙහිව එම රටවල නීතිය පසිඳලන ආයතන නීතිමය පියවර ක්‍රියාත්මක කරන්නට යන බවට හෝඩුවා ලැබු විගස එම යුදෙව් මරුවන් එම රටවලින් පැන ගත්හ. තවද ඉකුත් ‍ජූලි මස ගාසා තීරයේ සිදු කරන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනා මත බෙල්ජියම් බලධාරීන් විසින් එරටට පැමිණි ඊශ්‍රායේල හමුදා භටයන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව බෙල්ජියමයේ අගනුවර බ්‍රසල්ස් නුවර ෆෙඩරල් අභිචෝදක කාර්යාලය සඳහන් කළ බව අල් ජසීරා වාර්තා කළේය.

ලොකුම විහිළුව

ඊශ්‍රායල යුද අපරාධකරුවන් යන යන බොහෝ රටවලින්, පසුව ඔවුන් වහ වහා පිටවෙමින් සිටින අතර ආසියාවේ ආශ්චර්යය කියනු ලබන සිරිලක එම අපරාධකරුවන් රාජ්‍ය ආරක්‍ෂාව ලබමින් අපගේ වෙරළවල ඉරු රශ්මියෙන් නැහැවෙති. වෙළෙඳාම් කරති. කිසි බියක් සැකයක් නැතිව අනවසර ආගමික ස්ථාන පිහිටුවා ගනිති.

මෙවන් විහිළු

මෙහි සිදු වන්නේ දැන් රට කරන්නේ ආධුනිකයන් පිරිසක් නිසාද?
ලොව බොහෝ රටවල අධිකරණ මෙම සාහසික යුදෙව් සොල්දාදුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් ලුහුබඳින විට අපගේ ආරක්‍ෂක අංශ ඔවුන්ට රැකවරණ ලබා දෙමින් මෙවැනි අපරාධකරුවන්ට අහිතකර යැයි සැලකෙන ඡායාරූප දුරකථනවල තබා ගත් වරටද අපේ තරුණයින්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිති.
ලොව පුරා රටවල ක්‍රියාකාරීන් විශ්ව අධිකරණ බලය පිළිබඳ මූලධර්මය යටතේ ගෝලීය වගවීම අනුගමනය කරමින් සිටිති. යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල සොල්දාදුවන් ලු‍හුබැඳීම -විශේෂයෙන් නිවාඩු නිකේතනවල- වැඩියෙන් දැකිය හැකි කරුණක් වී ඇත. මෙවන් තත්වයක ඊශ්‍රායලය සමඟ කුළුප වෙමින් යුද අපරාධකරුවන්ට ලිහිලක් දැක්වීම විෂයයෙහි ශ්‍රී ලංකාව ලොවේ සෘණාත්මක අවධානයට ලක්වෙමින් සිටියි. එසේම, ජාත්‍යන්තර නීතිය සහ රෝම ප්‍රොටෝකෝල උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම නිසාද ලොව රටවල අප්‍රසාදය ශ්‍රී ලංකාව උපයමින් සිටියි.

ශ්‍රී ලංකාව වර්ජනය කරමු

ඇතැම් යුරෝපීය රටවල් ඊශ්‍රායලයේ කුරිරු පාලනයට සහාය දෙනවා විය හැකිය. එනමුත් එම රටවල පවා ජනතාව එයට විරුද්ධය. යුරෝපයේ වීදිවල මිලියන සංඛ්‍යාවලින් මහජන විරෝධතා පවත්වනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත යුරෝපා සංචාරකයන් එසේ ඔවුන්ගේ රටවල ඊශ්‍රායලයට එරෙහිව හඬ නගන්නන්ය. මෙවන් තත්වයක ඔවුන් හෙළා දකින ඊශ්‍රායල මරුවන්ට මෙහි රාජ්‍ය අනුග්‍රහයෙන්ම සුර සැප සැපයෙනු දැකීම නිසා එම සංචාරකයන් ශ්‍රී ලංකාව වර්ජන කරන්නට කටයුතු කළහොත් එය අපට දරා ගත හැකිද? සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවල නියුතු දසදහස් සංඛ්‍යාවක ලාංකිකයන්ගේ ජීවනෝපාවලට කුමක් සිදුවනු අතිද? මෙනිසා අපගේ බි​ඳනසුලු‍ ආර්ථිකයට කුමක් සිදුවේද? ඒ අනුව බලන කල රජය වැඩිකල් පවතීද නැතහොත් එය තමන්ගේම බිඳවැටීමට මග පාදමින් සිටින්නේද? තමන් කරන මෙම අවිචාරවත් ක්‍රියාවල ප්‍රතිවිපාක පිළිබඳව රජයට දුර දැක්මක් තිබිය යුතුය. මේවා බරපතල කරුණු ලෙස සලකා අවම වශයෙන් පහත සඳහන් වැදගත් ක්‍ෂේත්‍ර හතර තුළ තම ප්‍රතිපත්ති සමාලෝචනයක් රජය නොපමාව සිදු කළ යුතුය:

(අ) ඊශ්‍රායලය විශ්වාස කළ නොහැකි ජාතියක් නිසා මෙන්ම එය පලස්තීනයේ සිදුකරමින් සිටින ජන සංහාරය නිසා ගෝලීය වශයෙන් හෙළා දැකීමට ලක්ව ඇති සන්දර්භය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල විෂය පථය සහ විහිදුම රජය සලකා බැලිය යුතුය

(ආ) ඊශ්‍රායලයට සිදු කරන ශ්‍රී ලාංකික ශ්‍රම සැපයුම ගැන නැවත සිතා බැලිය යුතුය
(ඇ) සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට ඇතුළු වන ඊශ්‍රායල ජාතිකයන් විමසිලිමත් විය යුතුය
(ඈ) රට තුළ ඊශ්‍රායල ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතුය.

(නීතිඥ මාස් .එල් .යුසුෆ් (ගෞරව) ලන්ඩන් හිටපු සමාගමික සහ නෛතික උපදේශක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here