NEWSNOW | – ඇමෙරිකා එක්සත් ජනපදයේ බෞද්ධ දූත කණ්ඩායමක් අද (28) ශ්‍රී ලංකාවට පැමිණියහ.ඒ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීම සඳහාය.
එම බෞද්ධ දූත කණ්ඩායම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත
පැමිණ ඇති අතර අත්තනගල්ල, අරහන්ත රජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝන රන්වල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් විසින් පිළිගත් අතර මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේලා පිරිසක් මෙරටට වැඩම කළහ.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පෙන්වා දුන්නේ මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ දූත පිරිසක් ශ්‍රී ලංකාවට වැඩම කළ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ 2026 වසරේ දී ජාත්‍යන්තර වෙසක් සැමරුම ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ය. දිඟුකලක් පුරා එම ප්‍රාන්තයේ සිදුකළ ධර්ම ප්‍රචාරක කටයුතු ප්‍රතිඵලයක් ලෙස එම අවස්ථාව හිමිව තිබෙන බවද දින 7 ක කාලයක් ඊට අයත් බවද සඳහන් කළේය.