බොරැල්ල ප්‍රදේශයේදී දොඹකරයකට යටවී පුද්ගලයෙකු මරුට. තවත් පිරිසක් රෝහලේ

0
155

NEWSNOW | – බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දොඹකරය තවත් වාහන කිහිපයක් යටකරගෙන ගොස් ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.