ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ

0
59

NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පී.ඒ.ජේ. ප්‍රනාන්දු ඌව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිකා සනත් කුමාරනායක මහතා විසින් අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රනාන්දු මහත්මිය වෙත පත්වීමේ ලිපිය භාර දෙන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන පී.ඒ.ජේ. ප්‍රනාන්දු මහත්මිය, මීට පෙර බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කළාය.