ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ අසභ්‍ය වචනයක් මුද්‍රණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

0
123

පසුගියදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා පැවසීය.

පසුගියදා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් වල දරුවන් සදහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ අසභ්‍ය වචන මුද්‍රණය වී තිබීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරිණි.

එම කලාපයේ පාසල් 110කින් ළමුන් දදෙදහසකට පමණ ආසන්න සංඛ්‍යාවකට මෙම ප්‍රශ්නපත්‍ර ලබා දී ඇති අතර පසුව එය නිවැරිදි කීරමට කටයුතු සලස්වා ඇති බව ලේකම්වරයා පැවසීය.