ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ

0
133

NEWSNOW | – ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ ( JCETC ) තුන්වන සැසිවාරය අද (24) කොළඹදී පැවැත් වුණි.

දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

මෙම තුන්වන සැසිවාරය වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ අනුව, නව අවස්ථාවන් ගවේෂණය කිරීමේ අරමුණින් දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ තාක්ෂණික විශේෂඥයින් මෙම සැසියේදී හමුවී තිබේ.