වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව හෙළි වෙයි

0
126

NEWSNOW| – පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව හෙළිව තිබේ.

මේ නිසා දිගින් දිගටම සිදුවන වන අලි ඝාතන පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

ඊයේ (25) පොළොන්නරුව ප්‍රදේශයේදී ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය දිනවලදීද වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණි.

‘භාතිය ඇතා’ගේ මරණයත් සමඟ මුළු රටේම අවධානය වන අලි මරණ සඳහා යොමුවීම මෑතකාලීනව දැකගත හැකි විය.