ගම්පහ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

0
123

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළෙන් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ  පෑලියගොඩ, වත්තල, ජා ඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වලටය.