ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට

0
15

NEWSNOW | – අද(07) සිට ලබන 11 වනදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද මාර්ග අනතුරු වැළැක්වීම ලෙසත්, හෙට සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීමේ දින ලෙසද නම් කර ඇත.

එමෙන්ම අනිද්දා නිවෙස් මෙන්ම වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් 10 වනදා දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ 11 වනදා පාසල්, පෙර පාසල් මෙන්ම, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ජාතික අනතුරු පිළිබඳ උපදේශක කමිටුවේ මෙහෙයවීමෙන් සෑම වසරකම ජූලි මාසයේ පළමු වන සඳුදා සිට සිකුරාදා දක්වා ජාතික අනතුර නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමේ අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇත.

එමෙන්ම ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here