දියේ ගිළී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

0
119

NEWSNOW| –  වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු අද(06) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ එක්  සිසුවියකි.

ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය පවසයි.

එම දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.