අත්තනගල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාමරයට ගිණි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට ගැනේ.
පොලිසිය පැවසුවේ ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවය.
ඒ අනුව ඔවුන් දෙදෙනා පරිවාස භාරයට පත් කර තිබේ.
මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ වයස අවුරුදු 16ක් වන සිසුන් දෙදෙනෙකි.