NEWSNOW | – වසර 10කට ආසන්න කාලයකට පසු වින්ග් කමාන්ඩර් ෂිෆා නැවතත් හමුවීම මට සැබවින්ම විශේෂ සිදධියක් විය. අවසන් වරට මා ඔහුව දුටුවේ එකල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදීය. එවිට කඳවුරේ පැවති ඉංග්‍රීසි දින තරඟය සඳහා විනිශ්චයකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට වින්ග් කමාන්ඩර් ෂිෆා මට ආරාධනා කර තිබුණි. නැවත ෂිෆාව දැකීම රසබර අතීත මතක මාලාවක්ම නැවතත් අවදි කළේය.
වින්ග් කමාන්ඩර් ෂිෆා යනු දුම්බුළුවාව ගමට සාඩම්බරය ගෙන දුන් සුවිශේෂි පුද්ගලයෙකි.
ෂිෆා ගැන වචන කිහිපයක් ලිවීමට ලැබීම මට සැබවින්ම ගෞරවයකි. ඒ ඔහු සමීප මිතුරෙකු වන නිසා පමණක් නොව, ඔහුගේ කැපවීම, අව්‍යාජ නිහතමානීකම සහ ජීවිත කාලය පුරාම මේ රට වෙනුවෙන් බොහෝ දේ කළ සුවිශේෂී ලාංකිකයෙකු වන හෙයිනි.
ෂිෆා යනු අභාවප්‍රාප්ත මවුලවි අල්-අලිම් හනීෆා (ගෆූරි) සහ හාජියානි සිත්ති රුකයියා යුවලගේ ආදරණීය පුත්‍රයාය. ඔහු දුම්බුළුවාව මුස්ලිම් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ අතර, අනතුරුව අල්-අසාර් මහා විද්‍යාලයට ගොස්, පසුව මාවනැල්ල සහිරා ජාතික පාසලෙන් වාණිජය පිළිබඳ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් විය. 1985 වසරෙහි රජයේ ගුරු විභාගයද සාර්ථකව සමත් වීමෙන් පසු, ඔහු සිය ගුරු ජීවිතය ආරම්භ කළ අතර, කොළඹ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පාසල් කිහිපයකම සේවය කරමින්, දෙමළ, මුස්ලිම් සහ සිංහල යන සියලුම ප්‍රජාවන්ට අයත් සිසුන්ට ඉගැන්වීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් කිසි විටෙකත් තම සේවය පන්ති කාමරවලට සීමා කිරීමෙන් ෂිෆා සෑහීමකට පත් වුයේ නැත 1992 වසරෙහි ඔහු දෙවන ලුතිනන්වරයෙකු ලෙස ජාතික ශිෂ්‍ය භට බලකායට(NCC) සම්බන්ධ වූ අතර පසුව කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ පළමු ශිෂ්‍ය භට ඛණ්ඩය ආරම්භ කිරීමේ ගරුත්වයද හිමි කර ගත්තේය. විනය හා නායකත්වය තුළින් තරුණ සංවර්ධනය සඳහා ඔහුගේ කැපවීම ඒ වන විටත් පැහැදිලි විය. පසුව, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී සිය මව් බිමට තම සේවය ලබා දුන්නේය.
1995 වසරෙහි ෂිෆා මාලදිවයිනට ගොස් එම රටේ අධ්‍යාපන අංශයේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.
1999 වසර වන විට, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සමග හට ගත් බෙදුම්වාදි යුද්ධය උච්චතම අවස්ථාවට පත්ව තිබුනු අතර එසමයෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යාපන හා පරිපාලන අංශයෙහි ෂිෆා කටයුතු කරමින් සිටියේය. දැඩි පුහුණු ලැබීමෙන් අනතුරුව ප්‍රධාන කඳවුරු කිහිපයකම ෂිෆා සේවය කළ අතර නියමු නිලධාරියෙකුව සිට පසුව වින්ග් කමාන්ඩර් තනතුර දක්වා ඉහළ ගියේය. ගුවන් හමුදා ඇකඩමියේ පළමු ලේඛකාධිකාරීවරයා ලෙසද ෂිෆා පත් වු අතර කැලණිය විශ්ව විද්‍යාලයේ සෙනෙට් සභාවෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔහු නියෝජනය කළේය.
ෂිෆාට හිමිව තිබුනු විශිෂ්ට සන්නිවේදන කුසලතා සහ ගැඹුර භාෂා දැනුම නිසා ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු මෙන්ම IELTS පුහුණුකරුවෙකු සහ අධ්‍යාපන උපදේශකයෙකු ලෙසද ගුවන් හමුදාව තුළ ඉහළ පිළිගැනීමක් ඔහු අත් කර ගත්තේය. යුධ සමයෙහි ෂිෆා දේශයට ලබා දුන් අමිල දායකත්වය ආරක්ෂක අමාත්‍යාංශයෙන් පදක්කම් සහ ප්‍රශංසා රැසකින්ම ඔහු පිදුම් ලබන්නට හේතු විය.
2020 වසරෙහි විශ්‍රාම ගැනීමෙන් පසුව වත්මන පවා, වින්ග් කමාන්ඩර් ෂිෆා වෙනත් ආකාරවලින් ජාතියට සේවය කරමින් සිටියි. ඔහු දැනට නිදහස් වෙළඳ කලාපයේ ප්‍රකාට සමාගමක සාමාන්‍යාධිකාරී (පරිපාලන) ලෙස සේවය කරමින් සිටින අතර, සමාජ සේවයටද දැඩි ලෙස කැපවී සිටියි. ප්‍රජා සහ සුභසාධන සංවිධාන කිහිපයකම ප්‍රධාන තනතුරු කිහිපයක් දරන අතර දැනට මීගමුව පල්ලන්චේන බන්ධනාගාර සුභසාධන සංගමයේ උප සභාපති ලෙසින්ද ෂිෆා කටයුතු කරයි.
සන්නද්ධ හමුදාවන්ට සහ සිවිල් සමාජයට ෂිෆා කළ විශිෂ්ට සේවය වෙනුවෙන්, කීර්තිමත් ”දේශමාන්‍ය”, ”සමාජසේවක කීර්ති” සහ ”වීරපුත්‍ර” සම්මාන ඇතුළු ජාතික පිළිගැනීම් කිහිපයකින් ඔහු පිදුම් ලබා ඇත.
උපදේශකයෙකු සහ මාර්ගෝපදේශකයෙකු ලෙසින්ද ෂිෆා කටයුතු කරන අතර, එමගින් ඉදිරි පරම්පරාවට ඔහු විශිෂ්ඨ මඟ පෙන්වීමක් ලබා දෙමින් සිටියි. ෂිෆාගේ ආභාෂය සහජයෙන් ලබා ඇති ඔහුගේම ගමේ බොහෝ තරුණයින් ගුවන් හමුදා සේවය සඳහා බැඳී සිටිති.
ෂිෆා විෂයයෙහි මා වඩාත්ම අගය කරන කරුණක් නම්, ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය සහ බුහුමන් ප්‍රශංසා ගනණාවක්ම අත් කර තිබෙන විටම ඔහු දක්වන චාම් හා නිහතමානී ගතිගුණයි. ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයින් සමඟ ෂිෆා ඉතා සුහදව සහ කුළුපගව කටයුතු කරනු දැකිය හැකිය. උදාර ඉස්ලාමීය අගයන් මගින් මඟ පෙන්වනු ලබන ෂිෆා කරුණාව, ප්‍රඥාව සහ අඛණ්ඩතාවයෙන් දැයට ආදර්ශය ලබා දෙමින් සිටියි.
වින්ග් කමාන්ඩර් ෂිෆා යනු ඉහළ පෙළේ නිලධාරියෙකු හෝ ගෞරවනීය අධ්‍යාපන විශේෂඥයෙකු පමණක් නොවේ. ඔහු ලාංකික ප්‍රජාවේ සැබෑ ආදර්හයකි, මාතෘ භූමියේ සේවකයෙකි සහ සියල්ලටම වඩා නියම දේශ හිතෛෂී ලංකා පුත්‍රයෙකි.
රියාස් අලුහර්
රාජකීය විද්‍යයාලයේ හිටපු සහකාර විදුහල්පති / ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා ගුරුවර