ඉන්දියාවේ Kings of Kings Elimination Series තරඟයෙන් ජයගත් ක්‍රීඩකයින් දිවයිනට

0
77

NEWSNOW | – ඉන්දියාවේ පැවති කින්ග්ස් ඔෆ් කින්ග්ස් ඉලුමිනේෂන් සීරියස් ( Kings of Kings Elimination Series ) සටන් කළා ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික සටන් කළා ශිල්පීන් දෙදෙනෙකු , එහි ප්‍රථම ස්ථාන දිනා ගනිමින් ශූරතා බද පටි සහ රන් පදක්කම් දෙකක් දිනා ගෙන අද(01) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සටන් කළා ශූරතා තරගාවලිය , ලෝකයේ විවිධ සටන් සම්ප්‍රදායන් අනුගමනය කරන සටන් කරුවන් , එකම සටන් වළල්ලක කේ.- 1 සටන් ක්‍රමවේදය යටතේ සටන් කෙරෙන තරගාවලියකි .

මෙම තරගාවලිය ලෝක කින්ග්ස් ඔෆ් කින්ග්ස් සටන් කළා සම්මේලනය විසින් ඉකුත් 06/28 දින සිට 06/29 දින දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පවත්වා තිබුණි.

එහිදී ලයිට් මිඩ්ල්වේට් ( Light Middleweight ) බර පංතිය යටතේ උප ප්‍රධාන තරගයක ( Co – Main Event ) තරග කළ මලින්ද බොයිකා අමරසිංහ , එම අංශයේ ශූරතාවය දිනා ගනිමින් ශූරතා බද පටිය සහ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම සිල්වෙස්ටර් සිල්වා වෙල්ටර්වේට් (Welterweight ) තරග ඉසව්ව යටතේ ප්‍රධාන තරගයට ( Main Event ) තරග කර එහි ශූරතාවය සමග ශූරතා බද පටිය සහ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

සිල්වෙස්ටර් සිල්වා ශ්‍රී ලංකාවේ 2025 වසරේ විවෘත බර පංතිය ( Open Weight ) යටතේ කේ.- 1 සටන් කළා සම්ප්‍රදාය යටතේ සටන් කර ශූරතාවය දිනා ගත් සටන් ශිල්පියාය .

මෙම ජයග්‍රාහී සටන් කරුවන් දෙදෙනා 07/01 දින අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

(කටුනායක ටී.කේ.ජී.කපිල )