ආචාර්’ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරේ

0
105

NEWSNOW | –  හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්’ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්’ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්’ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට සූදානම් බවය.

මේ අනුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්’ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්’ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා සූරියප්පෙරුම මහතා පසුගිය සතියේදී පාර්’ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.