හම්බන්තොට නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

0
117

NEWSNOW | – හම්බන්තොට නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණි. ඒ පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතරයක් හිමි වීමත් සමඟයි.

හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගැණුනි.