එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්’තමේන්තුව අමෙරිකානුවන්ට අනතුරු අඟවයි

0
47
WASHINGTON, DC - JUNE 09: A view of the State Department seal on the podium before Romanian President Klaus Iohannis and U.S. Secretary of State Rex Tillerson appear for a photo opportunity at the State Department, June 9, 2017 in Washington, DC. Iohannis is also scheduled to meet with President Donald Trump on Friday afternoon. (Photo by Drew Angerer/Getty Images)

NEWSNOW | – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබේ.

ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවටයි.

විදෙස් වාර්’තා පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති බවය. ඒ අනුව වරින් වර ගුවන් අවකාශය වසා දමා තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අනතුරු ඇඟවීමේ සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවද එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙසද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.