NEWSNOW | – වසර 9කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු අද මෙරටට පැමිණෙයි.
වොල්කර් ටර්’ක් නිල සංචාරයක් සදහා අද(23) දිවයිනට පැමිණීමට නියමිත අතර මේ මස 26 දක්වා ඔහු මෙරට රැදී සිටිනු ඇත.
2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙයයි.
මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතය.
මෙහිදී ඔහු විදේශ අමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන්, පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජයේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ද හමුවන ඔහු ඉන් පසුව දළදා සමිදුන් වැඳ පුදාගෙන, මල්වතු සහ අස්ගිරි පාර්’ශවයේ මහනාහිමිවරුන් ද බැහැදැකීමට නියමිතය.
ඔහු යාපනය සහ ත්‍රිකුණාමලයේ සංචාරයක ද නිරත වන අතර එහිදී උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර තිබේ.