අපරාධවලට සම්බන්ධ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු පිටුවහල් කෙරේ

0
120

NEWSNOW | – මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද අලුයම එරට වෙත පිටුවහල් කර තිබේ.

ඔවුන් මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි ආගමන විගමන දෙපාර්’තමේන්තුවේ රැදවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණි.

බස් රථ 05 කින් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම චීනයේ ග්වැන්ෂෝ බලා මොවුන් පිටුවහල් කළ බවයි හිරු ගුවන්තොටුපළ වාර්’තාකරු සදහන් කළේය.

මෙම පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්’තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් කර තිබේ.

(ටී.කේ.ජී.කපිල – කටුනායක)