ව්‍යාපාරික කටයුතු සඳහා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු යළි පැමිණීමට නොහැකිව එහි අතරමංව සිටින බව වාර්’තා වේ.
ඒ එරට සිට පිටතට යන ගුවන් ගමන් නොමැතිකම හේතුවෙනි.
බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඊශ්‍රායල ගුවන් සීමාව දැනට සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වසා දමා ඇත.
මේ අනුව ඊලට් දේශසීමාව හරහා ඊශ්‍රායලයෙන් ඊජිප්තුවට ගොස් ශ්‍රී ලංකාවට යාමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්’යාලය පවසයි.