ඊශ්‍රායල ඉරාන ගැටුම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අත්හිටුවයි

0
107

NEWSNOW | – පාර්’ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදය අද(18) පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබූණි. ඒ ඊශ්‍රායල ඉරාන යුධ ගැටුම් සම්බන්ධයෙනි.

අදාළ විවාදය සඳහා සමගි ජන බලවේගයේ පාර්’ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් කල් තැබීමේ යෝජනාවක් ගෙන ඒමට තිබූ අතර එම යෝජනාව විවාදයට ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී ඔහු පාර්ලිමේන්තු සභාවේ ඔහු නොමැති බව විදෙස් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ප්‍රකාශ කළේය. මේ අනුව ඔහු නොමැතිව විවාදය ආරම්භ කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි විසින් පාර්’ලිමේන්තුව හෙට පෙරවරුව දක්වා කල් තැබීමට කටයුතු කළා.අද පස්වරු 05.30 දක්වා පැවැත් වීමට තිබූ පාර්’ලිමේන්තුවේ කටයුතු හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කටයුතු කළේය.