අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
ඒ මුදල් විශුද්ධිකරණය පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරුණද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබේ.