ජනාධිපතිවරයා බර්’ලින් නුවරට ගොඩ බසී

0
109

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බර්ලින් බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා විසින් පවත්වනු ලබන නිල පිළිගැනීමේ උත්සවයක් අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වියු මාලිගයේදී පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව නායකයින් දෙදෙනා අතර නිල සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එක්වෙති.