ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තයෙන් සම්බාධක

0
131

NEWSNOW | – පලස්තීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමේ චෝදනාව යටතේ ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තය සම්බාධක පනවයි.

මෙලෙස සම්බාදක පනවා ඇත්තේ ඉටමාර් බෙන්ග්විර් සහ බෙසලෙල් ස්මොර්’ට්ච් යන මෙම අමාත්‍යවරුන් දෙදෙනාටයි. ඒ අනුව ඔවුන්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර ඇත.

එමෙන්ම ඔවුන් සතුව එරට ඇති ඕනෑම වත්කමක් අත්හිටු වීමට මේ අනුව හැකියාව තිබේ.

මෙම තහනම ඔස්ට්‍රේලියාව, නෝර්’වේ, කැනඩාව සහ නවසීලන්තය සමග ඒකාබද්ධ සිදුකළ කටයුත්තක් බවද වාර්’තා වේ.