ප්‍රදේශ රැසකට තද සුළං සමඟ තද වැසි

0
23

NEWSNOW | –  දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට තද වැසි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇති වේ.

විශේෂයෙන් උතුරු – මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි. මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්’තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ප්‍රදේශ රැසක ගස් කඩාවැටීම් වාර්’තා වේ.

කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබේ.

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව ඇති බව වාර්’ත විය.