නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙසට රජයට බල කරමින් කොළඹදී විරෝධතාවක්

0
124

NEWSNOW| – දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ අගුලුගල්ලේ ශ්‍රී ජිණානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් අද (29) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපායමාර්ගික මධ්‍යස්ථානයක් වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික,දේශපාලන,ආරක්ෂක සහ භූ දේශපාලනික සබඳතා තර කර ගැනීමට කිසිදු රටකට ගැති නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙසට රජයට බල කරමිනි.

මෙම විරෝධතාව සඳහා 50ක පමණ පිරිසක් සහභාගීව සිටියහ.