අංක තහඩු හිඟයක් – නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට බාධා

0
129
NEWSNOW | –  අංක තහඩු හිඟයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයන්ට මුහුණ දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තහවුරු කර තිබේ.
නව වාහන හිමිකරුවන්ට නිකුත් කළ ලිපියක, එම හිඟය හේතුවෙන් අංක තහඩු ප්‍රමාද වන බව දෙපාර්’තමේන්තුව සඳහන් කර ඇත.. අතුරු විසඳුමක් ලෙස, වාහන අංකය ඇතුළත් සහ ලියාපදිංචිය වලංගු බව තහවුරු කරන ලිපියක් සහිත වාහන භාවිතා කිරීමට දෙපාර්තමේන්තුව තාවකාලික අවසරයක් ලබා දී ඇත.
එම දෙපාර්’තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියට අනුව මෙම තාවකාලික පියවර අප්‍රේල් 28 සිට ක්‍රියාත්මක වේ.