දෙමටගොඩ දුම්රිය හරස් මාර්’ගය අලුත්වැඩියා කිරීම නිසා මාර්’ගය තාවකාලිකව වසා දැමීම

0
119

NEWSNOW | – ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්’ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්’ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදුකිරීමට නියමිත බැවින් 2025.05.24 පෙරවරු 09.00 සිට 2025.05.25 දින පෙ.ව. 06.00 දක්වා මහා මාර්ගය සම්පූර්’ණයෙන්ම වාහන ගමනා ගමනය නවතා දමන බව දුම්රිය දෙපාර්’තමේන්තුව නිවේදනය කරයි.

මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථ වාහන තදබදය මග හරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්’ග භාවිතා කරන මෙන් රියදුරන්ට දැනුම් දීමක් කරයි.