එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඇමරිකානු ජනාධිපති ඩොලර් ට්‍රිලියන 1.4 ක AI ගිවිසුමක් අත්සන් කරයි

0
185

NEWSNOW | –  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැද පෙරදිග සංචාරයේ අවසන් අදියර වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති ට්‍රම්ප් ඊයේ(15) අබුඩාබි වෙත පැමිණීමට පෙර සෞදි අරාබිය සහ කටාර් සංචාරය කළේය. ඉදිරි දශකය තුළ එක්සත් ජනපදයේ AI අංශය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් ට්‍රිලියන 1.4 ක් ආයෝජනය කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසීය.

මෙම ගනුදෙනු ට්‍රම්ප්ගේ පවුලට පෞද්ගලිකව ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි යන බිය නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වෙත ඩොලර් බිලියන 3.5 ක ආයුධ අලෙවිය නැවැත්වීමට එක්සත් ජනපද සෙනෙට් සභිකයින් පිරිසක් උත්සාහ කරති. ට්‍රම්ප් අද පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත්ව යාමට නියමිතය.