ඉන්දිය ඉතිහාසයේ අගවිනිසුරුවරයා ලෙස පත්වූ පළමු බෞද්ධයා – භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි

0
109

NEWSNOW | – ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස ඊයේ (14) දිවුරුම් දෙනු ලැබුවේ භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි මහතාය.

ඔහු ඉන්දියාවේ අගවිනිසුරුවරයෙකු ලෙස පත්වූ පළමු බෞද්ධයා ලෙස ඉතිහාසගත වේ.

එසේම ඔහු, විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නාද වේ.

64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්’මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී දිවුරුම් දුන්නේය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65ක් වන අතර මෙතෙක් එම ධූරය දරූ අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ධූර කාලය මැයි 13 වැනිදා අවසන් විය.