NEWSNOW| – ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉසදීම, බුදුවීම සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද(12)ට යෙදී තිබේ.
බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේද අද වැනි වෙසක් පොහොය දිනයකයි.
උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.
ශාසනික වශයෙන් වැදගත්කම් රාශියක් සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙමින් දාන, ශීල, භාවනාදියේ යෙදෙන අතර ආමිස පූජාවේ යෙදෙමින් දන්සැල්, පහන් කූඩුව සැරසිලි කිරීම ආදියද සිදු කරති.