NEWSNOW| – මව්වරුන්ගේ දිනය සැමරීමේ අරමුණින් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙහි පුත්තලම සුවසේවා මධ්‍යස්ථානය විසින් පුත්තලම ,සවියපුරදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළාය.
මෙම වැඩසටහන මඟින් මව්වරුන් සදහා ආතති කළමනාකරණය, දරුවන් හා දෙමාපියන් අතර සාර්ථක සන්නිවේදනය, උපදේශන සහය, පසුප්‍රසව සේවා සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් ලබාදෙන සුවසේවාවන් පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු විය.
මෙයින් ලබාගත් දැනුම මවකට විශ්වාසයෙන් ජීවිතය තුළ ගමන් කිරීම,සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී පවුලක් ගොඩනඟා ගැනීමට උපකාරී වනු ඇති බව අපගේ විශ්වාසයයි.
පුත්තලම සුවසේවා මධ්‍යස්ථාන කණ්ඩායම මෙවැනි වැඩසටහන් හරහා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රජාව සදහා සත්කාරශීලී හා කැපවීමෙන් පිරුණු සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ වගකීම භාරගෙන සිටී.