කොළඹ දෙමාපියන්ගේ විරෝධතා මැද මාරු කළ ගුරුවරයාට එරෙහිව පුත්තලමේත් විරෝධතා

0
42

NEWSNOW | – බම්බලපිටිය රාමනාදන් හින්දු බාළිකා විද්‍යාලයේ දැරියකට අතවර කිරීමේ සිද්ධියට සමබන්ධ ගුරුවරයා ස්ථානමාරුවකින් ලැබුණු පුත්තලමේ පාසලට ඇතුළත් කර නොගන්න ලෙස බල කරමින් අද(09) පෙරවරුවේ පුත්තලම සහිරා ජාතික පාසල ඉදිරිපිට දෙමාපියන් විරෝධතාවයක නිරත වූහ.

පසුගිය 29 වනදා වයස අවුරුදු 15ක් පමණ වු 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ඇය පදිංචි නිවාස සංකීර්ණයේ 06 වන මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගෙන තිබුණි.

මෙම සිද්ධියට හේතුවී තිබුනේ ඇය ඉගෙනුම ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු බාළිකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයේ ගණිතය ඉගැන්වූ ගුරුවරයා විසින් මෙම දැරියට අතවර කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.

පසුව ඊයේ(08) දිනයේ බම්බලපිටිය රාමනාදන් හින්දු බාළිකා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත් වූයේ අදාළ ගුරුවරයාට දඬුවමක් ලබාදෙන ලෙස බලකරමිනි.

පසුව එම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබුණේ පුත්තලම සහිරා ජාතික පාසල සඳහායි.

මෙය දැනගත් එම පාසලේ දෙමාපියන් ඊට විරෝධය පළකරමින් ඔහු එම පාසලට ඇතුලත් කර නොගන්නා ලෙස විරෝධය පල කළේය. ඒ අනුව අද පෙරවරුවේ එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ පිවිතුරු දේශයක් සඳහා වන පක්ෂයේ නායක ඉෂාමි මරික්කාර්’ගේ ප්‍රධානත්වයෙනි.

ඊට දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.