බෙල් 212 හෙලිකොප්ටර් යානා අනතුරින් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට

0
122

NEWSNOW | – හදිසි ගොඩබෑමකදී අද(09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් ඇති බව වාර්’තා වේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කළ බව ගුවන් හමුදාව පැවසීය.

ඉන් පසුව වාර්’තා වූයේ මෙහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.