වියට්නාමයේ සිට දිවයිනට පැමිණි ජනපති ඡන්දය ප්‍රකාශ කළ අයුරු

0
16

NEWSNOW| – වියට්නාමයේ තෙදින නිල සංචාරය අවසන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ 2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කළේය.

ඒ මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදීය.

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.

මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.