NEWSNOW| – 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පස්වරුව 4ට අවසන් කෙරුණි.
ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණි
ඒ පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙනි.
මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ.
දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණි.
ඒ අනුව සභිකයින් 8,287 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසීය.