ගාසවේ සහ සිරියාවේ තත්ත්වය ගැන තුර්’කි – ඇමෙරිකා ජනාධිපතිවරු සංවාදයක

0
25

NEWSNOW | – තුර්’කි ජනාධිපති රිසේප් තායිප් එර්’ඩොගාන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් ඇතිව තිබේ.

එහිදී ගාසා තීරයේ යුද්ධය නැවැත්වීම සඳහා සියලු ආකාරයේ සහයෝගය ලබා දීමට තුර්’කිය සූදානම් බව එර්’ඩොගාන් ජනපති ට්‍රම්ප්ට සහතික වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ව්‍යසනකාරී මට්ටම් කරා ළඟා වී ඇති බව එර්’ඩොගාන් ට්‍රම්ප්ට පැහැදිලි කර දී ඇත.
ට්‍රම්ප් සමඟ කළ ඇමතුමේදී එර්’ඩොගාන් අවධාරණය කළේ බාධාවකින් තොරව ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමේ අවශ්‍යතාවයයි.

සිරියාවට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට වොෂින්ටනය දරන උත්සාහයන් එහි ස්ථාවරත්වයට දායක වන බව එර්’ඩොගාන් මෙහිදී ට්‍රම්ප්ට පැවසීය.