වියට්නාමයේ තෙදින නිල සංචාරය අවසන් කළ ජනපති දිවයිනට

0
15

NEWSNOW| –  වියට්නාමයේ තෙදින නිල සංචාරය අවසන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද  (06)  දහවල්  දිවයිනට පැමිණියේය.

ඒ වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකිනි.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා පසුගිය 03 වනදා මෙම රාජ්‍ය සංචාරයේ නිරත විය.

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපතිවරයා සහ සමග නිල සාකච්ඡා පැවැත්විය. ඒ දස වියට්නාමයේ රාජ්‍ය ප්‍රධානීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි.

එසේම ජනාධිපතිවරයා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) මහතා සමග සාකච්ඡා පවත්වනු ලැබීය.

එහිදී වසර 55ක් පුරා දෙරට අතර ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩ නැඟුණ සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ බහුවිධ සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳව අවධාරණය කෙරිණි.

ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරියේදී ද වඩා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.