පළාත් පාලන ඉතිහාසයේ අඩුම ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර – කැෆේ සංවිධානය කියයි

0
29

NEWSNOW| –   පළාත් පාලන ඡන්ද විමසීමේ ඉතිහාසයේ අඩුම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වූ පළාත් පාලන මැතිවරණය ලෙස අද ඡන්ද විමසීම වාර්තා පොතට එක් විය හැකි බව මැතිවරණ දින නිරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.

එසේම නැගෙනහිර, උතුර සහ දකුණේ ප්‍රධාන නගර ආශ්‍රිතව හැර රට පුරා ඡන්දය ප්‍රකාශ කිරීමට අඩු උනන්දුවක් පැවති බවත් මැතිවරණ දිනයේ සිදුවීම් 76 ක් වාර්තා වී ඇති බවත් ඉයින් 74 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් එම නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.