NEWSNOW | – ඊයේ සහ අද අලුයම එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ අවම වශයෙන් 31 දෙනෙකු මිය ගොස් ඇත.
මානුෂීය ආධාර අවහිර කිරීම් නිසා සාගින්න උග්‍ර වන විට ගාසා තීරයේ දිනපතා දිවි ගලවා ගැනීමේ අරගලයක ඔවුන් නිරත වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ගාසා තීරයට ඇතුළු වන ආධාර සඳහා ඊශ්‍රායලය දින 60 ක් තිස්සේ කළ අවහිර කිරීම සිවිල් ජනතාවගේ ගෙල හිතාමතා සිර කිරීමක්” ලෙස අල් ජසීරා මාධ්‍ය පවසයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ගාසා තීරයට එරෙහි ඔහුගේ යුද්ධයේ ප්‍රධාන අරමුණ ඊශ්‍රායල වහලුන් ආරක්ෂිතව ආපසු පැමිණීම නොව “අපගේ සතුරන්ට එරෙහිව ජයග්‍රහණය” බවයි.
ඊශ්‍රායල ගාසා තීරයට එරෙහි යුද්ධයෙන් පලස්තීනුවන් 52,418 ක් මිය ගොස් 118,091 ක් තුවාල ලබා ඇති බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
තවද සුන්බුන් යට අතුරුදහන් වූ දහස් ගණනක් මිය ගොස් ඇති බවට අනුමාන කෙරේ.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,139 ක් මිය ගිය අතර 200 කට වැඩි පිරිසක් වහල්භාවයට ගෙන යන ලදී.