දේශබන්දු තෙන්නකෝන් මහතා ආරක්ෂාව ඉල්ලයි

0
105

NEWSNOW | – ජීවිත තර්’ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් මෙලෙස ලිඛිතව ඉල්ලීම සිදුකර ඇත.

ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්’ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්’තා විය.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇති බව වාර්’තා වේ.