අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත බලාත්මකයි

0
25

NEWSNOW | – අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා සිය සහතිකය සටහන් කළ බව පාර්’ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2025.04.08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්’ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.