NEWSNOW | – පසුගියදා පාකිස්තාන මහ කොමසාරිස් කාර්’යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය සම්බන්ධයෙන් මහකොමසාරිස් කාර්’යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මෙසේය
2025 අප්‍රේල් 30 සහ මැයි 2 යන දිනයේ කොළඹ පකිස්ථාන මහ කොමසාරිස් කාර්’යාලය ඉදිරිපිට පැවති විරෝධතා සම්බන්ධයෙන් මාධ්‍ය විමසුමකට පිළිතුරු දෙමින් පකිස්ථාන මහ කොමසාරිස් කාර්’යාලයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ, එම අහිංසක ජනතාව විරෝධතාවයේ කොටස්කරුවන් වීමට පෙළඹවූයේ සහ අනුග්‍රහය දැක්වූයේ කවුරුන්ද යන්න රහසක් නොවන බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන් සිටින්නේ කොහේද සහ තමන් එහි සිටියේ මන්දැයි පවා නොදැන සිටි බවත්ය. මෙම ක්‍රියාකාරකම් මෙහෙයවන සහ බෙදීම් ඇති කරන කොටස්, සමාජයේ සමගිය කෙරෙහි කිසිදු තැකීමක් හෝ නීතිරීති සහ දේශීය නීති කෙරෙහි කිසිදු ගෞරවයක් දක්වන්නේ නැත.
මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න හොඳින් දන්නා බැවින්, පාකිස්තාන මහ කොමසාරිස් කාර්’යාලය ඉක්මනින් එවැනිම විරෝධතාවක් සංවිධානය කරයිද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශකයා, “පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සහ මෙම රටවල් දෙකෙහි ජනතාව අතර ආදරය, ගෞරවය සහ අවබෝධය පිළිබඳ ශක්තිමත් බැඳීමක් පවතින අතර, ශ්‍රී ලංකාවේ සාමකාමී සහ සහෝදර ජනතාවගේ දෛනික කටයුතුවලට බලපාන එවැනි විරෝධතා සංවිධානය කිරීම ඇතුළු කිසිදු ක්‍රියාකාරකමකට අපි සහභාගී නොවෙමු” යයි පැවසුවේය.
කලාපයේ සමස්ත තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඕනෑම වගකිවයුතු රටක් මෙන් පාකිස්තානය ද ඉන්දීය ආක්‍රමණයට ලක්වී තිබෙන කාශ්මීරයේ පහල්ගම්හි සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටි ඇති බවත්, ඉන්දියාව විසින් සිදු කරන ඕනෑම ප්‍රහාරයකට සුදුසු පිළිතුරක් දීමට පාකිස්තානය සූදානම් බවත්ය.