ආගමන හා විගමන දෙපාර්’තමේන්තුවෙන් නිවේදනයක්

0
116

NEWSNOW  | –   එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්’තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බවද දෙපාර්’තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.