NEWSNOW | – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර 6ක් සැපිරීම වෙනුවෙන් එහිදී මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙය අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේදී පැවැත් වුණි.
ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාදකිරීමෙන් පසු මියගිය පිරිස සිහිකර මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදුකෙරුණු අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය 167 දෙනෙකු විශ්වාසයේ සාක්ෂිකරුවන් ලෙස පි නීම ද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
එම දේවමෙහෙය සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සර්’ව ආගමික නියෝජිතයින්, තානාපතිවරුන් හා වින්දිතයන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් ද සහභාගී සිටියහ.